1. සතුට ප්‍රීතිය රඳාපවතින්නේ ඔබට ලැබෙන දේවල්වලට අනුව නොව අපි අන් දෙන දේවල් වල අනුවය.
2. කල ගුණ සැලකීම අප කව්රුත් ලැබිය යුත්තක් වුවද එයද අන් අයගෙන් බලාපොරොත්තු නොවිය යුතුය.
3. හදවතේ රැඳීගෙන දුක් දෙන ආශාව නැති කල තැන නිවන පෙනේ. -බුදුන් වහන්සේ-
4. කාර්යක්ෂම මිනිසාට කඳුළු සැලීමට කාලයක් නැත. -බයිරන් සාමි-
5. මනුෂ්‍යත්වය යනු සාගරයකි.කෙතරම් අපවිත්‍ර දෑ
එකතු වුවද සාගරය අපවිත්‍ර නොවේ. එසේම කෙතරම් බාධක ආවද මනුෂ්‍යත්වයක් හිමි ඔබ
පිලිබඳ විශ්වාසය ඇත නොහරින්න. -මහත්මා
ගාන්ධි-
6. ප්‍රීතිය හැර අන් සැමදේම බැඳ තබා ගත හැක. -තාගෝර්-
7. නිරතුරුවම තමන්ගේ හිතට එකඟව කතා කිරීමට පුරුදු
වන්න. එවිට පහත්ගති ඇති අය ඔබ හැර යනු ඇත. -විලියම්
බ්ලේක්-
8. දුර්ලභ ගනයේ බුද්ධිමතෙක් මුණගැහුනහොත් ඔහු
කියවන්නේ කෙබඳු පොත පතදැයි අප සොයා බැලිය යුතුය. -ඉමර්සන්-
9. අනුවන කමින් පටන් ගන්නා කෝපය පසුතැවිල්ලෙන්
අවසාන වේ. -පයිතගරස්-
10. කෝපය යනු කෙටි උමතුවකි. -හොරේස්-
11. ත්‍යාගශීලිත්වයෙන් ආදරය වෙන් කල නොහැක. -විලියම්
සේක්ෂ්පියර්-
12. බුද්ධිය අනුව යන හස්තයට බලාපොරොත්තු සපල කරගත
හැක. -මයිකල් ආන්ජලෝ-
13. යමක් කල හැකි තැනැත්තා එය කරයි.බැරි තැනැත්තා
එය කරන හැටි උගන්වයි. - ජෝර්ජ් බර්නාඩ් ෂෝ -
14. බිරිඳ හඳුනා ගැනීමට සැමියාගේ මුහුණ බලන්න. -ස්පාඤ්ඤ පිරුලක්-
15. සත්‍ය විස්වාසයක් නැති තැන සත්‍ය ආදරයක්ද
නැත. -විලියම් සේක්ෂ්පියර්-
16. ප්‍රමාද නොවිය යුතුය. ප්‍රමාදය අන්තරාව අන්ත
කොට ඈති හෙයිනි. -විලියම්
සේක්ෂ්පියර්-
17. නියම ජයග්‍රහණය නොවැටී සිටීම නොව වැටෙන වැටෙන
පාරට එඩිතරව නැගිටීමයි . -කොන්ෆියුසියස්-
18. මිනිසා මුළු ජීවිතයම කරන්නේ ජීවත් වීමට
සූදානම් වීමයි. -වෝල්ටෙයාර්-
19. සෑම නිවසකම විශ්ව විද්‍යාලයකි.දෙමව්පියෝ එහි
මහාචාර්යවරු වෙති. -මහත්මාගාන්ධි-
20. ඔබ මිතුරන් අතරේ ජනප්‍රිය වීමට කැමති නම් ඔවුන්
කියන හැම දේටම හොඳින් කන් දෙන්න. -තාගෝර්තුමා-
21. හොඳ මිතුරෙකු ලැබීමේ හොඳම ක්‍රමය තමා හොඳ
මිතුරෙකු වීමයි. -රැල්ප්
ඉමල්ෂන්-
22. පරාජය ගැන බිය පුද්ගලයාට කිසිදා ජයග්‍රහණය
හිමි නොවේ. එබැවින් පරාජය වීමට බිය නොවන්න. -නැපෝලියන්-
23. ජීවත් වනවා කියන්නේ මොහොතක්වත් නාස්ති නොකර
ක්රියාවේ යෙදී සිටීමයි. -පැබ්ලෝ පිකාසෝ-
24. කොයිතරම් විශාල ගෙයක් වුවද ගැහැනුන්
දෙදෙනෙකුට ප්‍රමාණවත් නොවේ. -ඇනා.කේ. ඩනියෙස්-
25. මිනිස් ජීවිතයට චිත්ත ප්‍රීතිය ආහාරයි. දුක
බෙහෙතකි. -ලයිමන් බීවර්-
26. දුක නිහඬව දරාගත් තරමට ඉකමනින් සහනය ලැබේ. -වෝක් වෙටෝ ටසෝ-
27. ජීවිතයට ප්‍රීතිය මෙන්ම ශෝකයද වැදගත්ය. -හර්බට් ස්පෙන්සර්-
28. කන්දීමෙන් බුද්ධිය මුහුකුරා යයි.කතා කිරීමෙන්
බෝහෝ විට වන්නේ පසුතවිල්ලයි. -ඉතාලි
පිරුලක්-
29. ප්‍රබල බුධියක ප්‍රධාන ලක්ෂණය කුතුහලයයි. -සැමුවෙල් ජොන්සන්-
30. මා දන්නේ එකම දෙයයි. ඒ මා දන්නා දෙයක් නැති
බවයි. -සොක්රටීස්-
31. අවශ්‍යතා අඩුවන තරමට චිත්ත සහනය වැඩි වේ. -සොක්රටීස්-
32. බොහෝ විට වචනයට වඩා නිහනතාව බලවත්ය. -තෝමස් කාලයිල්-
33. ජීවිතයේ දුක් ගැහැට වින්ද දරා ගන්නට සමත්
තැනැත්තා එහි සැබෑ තත්වය වටහා ගනී. -මිල්ටන්-
34. ලෙඩ රෝග වලින් ඔබ පරිස්සම් විය යුත්තේ ඔබ
නිරෝගීව සිටින විටයි. -හංගේරියන්
පිරුලක්-
x
No comments:
Post a Comment